2013-03-18

ගූගල් රීඩර් සදහා වන විකල්ප සේවා භාවිතය වේගයෙන් ඉහලට...

ගූගල් ආයතනය තම ගූගල් රීඩර් සේවාව ජුලි පලමුදා සිට අවසන් කරන්නට තිර්නය කිරීමත් සමග සමාන්තර සේවා සපයන ආයතන වෙත භාවිතාකරන්නන් ඇදී ඒමේ ප්‍රවනතාවය වැඩි වෙමින් ඇති බවටයි එම ආයතන පවසන්නේ.පසුගිය කාලය ඔස්සේ තම සේවාව ලබන්නන් ප්‍රමානය වේගයෙන් අඩුවෙමින් පැවතින බැවින් එම සේවාව අවසන් කරන්නට ගූගල් ආයතනය තීර්නය කොට ඇති බවට පැවසුන අතර ඒ පිලිබදව යලි සලකා බලන ලෙස ඉල්ලමින් භාවිතාකරන්නන් එක්ව ඔන් ලයින් ආකාරයේ ඉල්ලීමක්ද කරන ලදී.
                                    Feedly ආයතනය පවසන්නේ පැය 48ක් අතුලත තම සේවාවන් වෙත 500000ක භාවිතාකරන්නන් පිරිසක් ඇදී ආ බවත් තම සේවා ධාරිතාවය දස ගුනයකින් වැඩි කරන්නට තමන් මේ වන විට කටයුතු කරමින් සිටින බවකි. ඉදිරි දින 30 සදහා තෙයාකාරයක තම සැලසුම් ගැන පවසන ඔවුන් තම සේවාව අඛන්ඩව පවත්වාගෙන යාම අලුත් භාවිතාකරන්නන්ගෙන් නව යෝජනා ලබා ගැනීම හා සෑම සතියකම නව උපාංග තම සේවාව වෙත හදින්වාදීම කෙරෙහි තමන් කටයුතු කරමින් සිටින බවටයි පවසන්නේ.
                                  ගූගල් ආයතනය තවමත්  තම තිරනය වෙනස් කිරීමක් පිලිබදව කිසිදු ප්‍රකාශයක් කර නොමැති අතර භාවිතාකරන්නන් විසින් එම සේවාව අත්හැර නොදමන ලෙස ඉල්ලමින් සටහන් කරන ඔන් ලයින් ඉල්ලීම වෙත මේ වන විට 122000 ක් තම එකගතාවය පලකොට ඇති බවටයි දැක්වෙන්නේ.
http://www.feedly.com/
https://www.change.org/petitions/google-keep-google-reader-running

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...