2013-03-11

යාහු මේල් වෙතින් ගැටලු ‍රැසක්!!!

යාහු මේල් සේවාව මත ගැටලුකාරී තත්වයන් නැවත නිර්මානය වෙමින් ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ.පසුගිය මාසයකිහිපය තුලම ගිනුම් වෙත හානිකරයන් වෙත යොමුකරන සබදතා සහිතව ව්‍යාජ ඊමේලයන් ලැබෙමින් ඇති අතර යාහි ආයතනය පවසන්නේ හදුනා ගත් දුර්වලතා දෙකක් සදහා පිලිසකර නිකුත්කර ඇති බවකි. ගිනුම් වල ඇති සබදතා ගොනුවෙහි වන ඊමේල ලිපින වෙත මෙම ව්‍යාජ ඊමේල යොමුවීම් තවමත් සිදුවෙන බවටයි චෝදනා වෙමින් ඇත්තේ.පසුගිය ජනවාරියේ අනවසර පහර දෙන්නෙකු විසින් යු ටියුබ් මතට මුදා හල වීඩියොවකින් ප්‍රධාන පෙලේ බ්‍රවුසරයන් සියල්ල මතම යායුමේල් සමග වන දුර්වලතවයක් ඔස්සේ පහදෙන යුරු දැක්වූ අතර යාහු ආයතනය පසවා සිටියේ එම දුර්වලතවයන් පිලිසකර කරන ලදමුත්  භාවිතාකරන්නන් පවසන්නේ තවමත් තම ගිනුම් තුල අනවසර භාවිතාවන් සිදුවෙමින් තිබෙන බවයි.
                                                                ලොව තෙවන මට්ටමේ ඊමේල් සේවාව සපයන ආයතනය ලෙසට යාහු පිලිගැනෙන අතර භාවිතාකරන්නන්ගේ ගැටලු සදහා ලබාදී ඇති දුරකථනය ඔස්සේද අයහපත් ප්‍රතිචාර ලැබෙන බවටයි චෝදනා වෙමින් ඇත්තේ. බොහෝ ගිනුම් වල අවසර පදය වෙනස් කිරීම සදහා "රහස් ප්‍රශ්නය" වෙත පිලිතුරු දිය නොහැකි ලෙසට සැකසුම් වෙනස්වී ඇති බවටත් මේ වන විට තවත් චෝදනා නැගෙමින් පවතිනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...