2016-02-11

යලිත් රුසියාව Windows තහනමකට...

           නැවත වතාවක් රුසියානු රජය Windows මෙහෙයුම් පද්ධහිය තම රජයේ යාන්ත්‍රන වලින් ඉවත් කර තබන්නටත් හා foreign technology ආයතනයන් ගෙන් 18% value added tax (VAT) අයකරන්නට සූදානම් වීමද පිලිබදව තොරතුරු පලවෙමින් තිබෙනවා. Apple නැතිනම් Google වැනි ආයතනයන් ගෙන් Apps මිලදී ගැනීම් වලදී දැනට මග හැරෙන අදායමක් ලබා ගැනීම ඔවුන්ගේ අරමුන බවටයි පැහැදිලි කෙරෙන්නේ. එසේම Linux-based ආකාරයේ ඔවුන් විසින්ම දියුනු කරන ලද මෙහෙයුම් පද්ධතියක් භාවිතයට ගැනීමටයි ඉලක්ක කරමින් සිටින්නේ. මීට කලකට පෙරද එම රජය මෙවැනි ආකාරයේ පියවරකට යන්නට කටයුතු කල අතර “a CIA project” එකක් ලෙසට චෝදනා කරමින් Windows 10 භාවිතය මග හරින්නට අවධානය යොමු කරනු ලැබුවා. හදාරන්නන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ එම රජය සමස්ථයක් ලෙසට foreign technology products වලින් බැහැරව සිටින්නට මෙන්ම එරට තුල අන්තර්ජාලය සීමා කරන්නට කටයුතු කරමින් සිටින අතර එරට තුල  මේ සදහා විරෝධී හඬක්ද නැගෙනු දක්නට ලැබුනු බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...