2014-11-05

Skype වල real-time translation පහසුවේ public preview සදහා දැන් අයදුම් කල හැක.

  මෙම වසර මුල් භාගයේ Microsoft හි CEO වරයා Satya Nadella ප්‍රකාශකර සිටියේ Skype වලදී real-time translation පහසුව (audio , video calls) සූදානම් වෙමින් තිබෙන බවයි. මේ වන විට පැවසෙමින් ඇත්තේ public preview මට්ටමින් එම පහසුව විඳින්නට මේ වන විට අයදුම් කරන්නට හැකි බවයි. තොරතුරු තාක්ශනය ගෙනෙන ලද බොහෝ හැකියාවන් අතර තවත් කැපී පෙනෙන පහසුවක් වෙමින් භාවිතාකරන්නන්ගේ ජීවිත වලට වඩාත් අපූරත්වයක් ලබා දෙන්නට සමත්වනු ඇති බවට හදාරන්නන් අවධාරනය කෙරෙන මෙම real-time translation හැකියාව ඔස්සේ භාෂා බාදකය පහසුවෙන් ජය ගන්නට හැකි වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. මෙම වසර අවසානයේ පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුවන මෙම පහසුව පලමුවෙන් Windows 8.1/ Windows 10  සදහා වනු ඇති බවටත් පසුව අනෙකුත් පද්ධති සදහා වනු ඇති බවටත් තොරතුරු පලවනවා. මුල් භාගයේදී සීමිත භාශා ප්‍රමානයකට සීමාවනු ඇති මුත් පසුව ක්‍රමයෙන් වැඩි භාශා පහසුවක් මෙම සේවාව යටතේ ලැබෙනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ.
http://www.skype.com/en/translator-preview/?intcmp=blogs-_-generic-click-_-skype-translator-early-preview-sign-up-opens-today

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...