2014-11-05

රුසියාව තුල iCloud හා Apple services ජනවාරි 1 දායින් පසුව Block කරන තීරනයකට.....

  අන්තර්ජාල භාවිතාවේ ලොව නවතම ප්‍රවනතාවයක් වන්නේ සමහර රටවල් තම රටවැසියන්ගේ තොරතුරු ගබඩා කිරීම සදහා තම රට තුලම සිදුකල යුතු බවට වෙබ් සේවා ලබා දෙන ආයතනයන් වෙතට බලපෑම් කරමින් සිටීමය. Russiaව විසින් මීට පෙර මේ පිලිබදව ප්‍රධාන පෙලේ තොරතුරු ආයතනයන් කිහිපයක් වෙතටම අනතුරු අගවා සිටිය අතර නිකුත්වන නවතම තොරතුරු පවසන්නේ එලබෙන ජනවාරි පලමු වෙනිදායින් පසුව iCloud ඇතුලු ඇපල් සේවා access  කිරීම වැලකීමට  නියමිත සිටින බවකි. එරට විසින් සම්මත කර ගෙන ඇති නීතීන් යටතේ එරට වැසියන්ගේ තොරතුරු රදවන කටයුත්තට local servers භාවිතාකිරීමට අසමත්වීම අනූව මෙම පියවරට නියමිත ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෑතකාලීනව වාර්ථා වූ NSA's PRISM program වැනි අනවසරව සිදුවන තොරතුරු හැදෑරීම් පිලිබදව හෙලිවීම් වලින් පසුව මෙම ප්‍රවනතාවය වඩාත් මතුපිටට පැමිනි අතර බොහෝ විට මෙම පියවරයන් එරට ISP වරුන් ඔස්සේ සිදුවනු ඇති බවටයි නිගාමනය වෙමින් ඇත්තේ. 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...