2014-11-04

"කොටස් කරගත් පොලෝ තලයක අප විසුවද එකම අහස් කුසක් අප ඉහලින් තිබේ. එයට අභියෝග කල නොහැක"..(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (49)

  වගා බිම් අතර දවස පුරා වට අප දෙදෙන ඇවිඳිමින් සිටියෙමු.  විටක ටිබෙටියානු මිතුරා දැන හඳුනන අයෙක් හමුවූ විට ඔවුන් ගෙන් බොහෝ දෑ දැන ගැනීමේ හැකියාවද ලැබිනි. ඔවුනගේ භූමීන් එකි නෙකාට අයිතියක් යටතේ පාලන වුවද සමහර කාරනා වලදී එම පෞද්ගලික බව ඉක්මවා යන පොඳුබවක් ඉස්මතුවන ආකාරය මනාව පෙනිනි. ජලය , හිරුඑලිය ලැබීම, වගා විවිධීකරනය, වැඩි ශ්‍රමයක් අවශ්‍ය වන විටදී වැනි බොහෝ අවස්ථාවලදී වඩාත් අපූරු ආකාරවලට තමන් බව පරයමින් අපේ බවක් ඉස්මතුවන ආකාරය අපූරුය. ඔවුන් අතරින් වඩාත්ම සිත්ගත් හමුවීම වූවේ පැමින ආපසුයාමට නියමිත නිශ්චිතකාල රටාවකට ‍රැදී සිටින නිශ්චිත යුතුකම් ප්‍රමානයකට බැදී සිටින අයවලුන් හැටියට ඔවුන් අතර වන මුත් කිසිවිටකත් මතුපිටට නෙයෙන එකගතාවයක් නැතිනම් අවබෝධයක් වැනි යමකි. ඔවුන් අතර වන අපූරු යෙදුමක් මේ බව වඩාත් පැහැදිලි කෙරිනි. "කොටස් කරගත් පොලෝ තලයක අප විසුවද එකම අහස් කුසක් අප ඉහලින් තිබේ. එයට අභියෝග කල නොහැක".  ඔවුන් දැඩිව එම බව ප්‍රායෝගිකව තම දෛනික ජීවිතයේ තීරනත්මක අවස්ථාවල්දී ඒ බවට වන එකගතාවය විහිදවන සුලු ජීවිත රටාවක් ගත කරන බවක් පැහැදිලිය. බොහෝ හදාරන්නන්හට ඔවුන් මග හැරෙන සුලු වන්නේ වඩාත් වටිනා ඔවුන්ගේ හරයන් වන්නේ මහත් තර්කානුකූල මතුපිට මනසට යටින් දිවෙන අවිංඥානික මනසේ වීම නැතිනම් ඒවා අවබෝදයන් මිසක මහත් පරිශ්‍රමයකින් අත්පත් කර ගන්නා හා ‍රැකගන්නා ඒවා නොව ස්වංයව ක්‍රියාත්මක වන ඒවා වීම නිසාය. අනෙක් දෙසින් ඒවා හදාරමින් ආක්‍රමනයට ඉඩ නොලැබෙන්නේද ඒ නිසාම විය යුතුය. වරක් ඔවුන් සතු ඖෂධ ක්‍රම කිහිපයක් ‍රැගෙන ගිය විදේශ හදාරන්නෙකු පසුව  ගබඩා භාරතුමා වෙතට දන්වා ඒවා ඇත්තේ "ඔවුන් භාවිතාකරන දෑම භාවිතාකරමින් ඔවුන් ගේ පියවරයන්ම අනුගමනය කර උත්සාහකලද තමන් අසාර්ථකවූ බවකි".
                  Pubudu Siriwansa


Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...