2014-10-07

නොදන්නා දැනුම කියන අනන්ත මුහුද අද්දරක වෙරලේ වැලිබත් උයමින් ඉන්න කුඩා දරුව්න්...(සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු... (20)

    "අපි ප්‍රායෝගිව දන්නවා පිටසක්වල වගේ වදන් භාවිතාවන් අපට ගෙනෙන්නේ අද්භූත අර්ථයන්. මුහුන මැද්දේ ඇසක් තියෙන මිනිසුන් වගේ සංකල්ප තුල තමා මේවා තේරුම් ගන්නට උත්සාහ කරන්නේ. මම් මේවා දකින්න කැමතියි ටිකක් වෙනස් විදිහකට. අපේ දෛනික ජීවිතය විසින් අවදිනොකරගෙන සිටිනා වෙනස් ආකාරයේ හැකියා රටාවන් අපිතුලම තියෙනවා වන්නට පුලුවන්. හරියට දෛනික ජීවිතයට අදාල නොවන ඇල්ගෝරිතම් වගේ දෙවල් කියලා අපි මේ බව තේරුම් ගම්මු. හොඳයි මම මේ විදිහට යෝජනා කරන්නම් මීට වසර දහස් ගනනකට එහා පැත්තේ මිනිසුන්ට පරිගණකයක් නිපදවාගැනීමේ හැකියාව නොතිබුනාමද නැතිනම් අවදි නොවී තිබුනාද වගෙ ප්‍රශ්නයක් මෙම නගන්නම්..."  එම දේශකයාට අවශ්‍යව තිබුනේ මෙවන් අපූරු හැකියාවන් වඩාත් අද්භූත කරනවාට වඩා ප්‍රායෝගික බව ඔප්පුකර සිටින්නටය. ඔහු අවසාන වශයෙන් විසිතුරු බුද්ධිතර්ජනයකට පිවිසුනේය. "ඔබ හිතන්න එපා අප මහා බලවතුන් කියලා. මේ පෘතුවිය මත තියෙන මූලද්‍රව්‍ය කිහිපයක් වෙනස්  කර ගන්නට හැකිවුනාට, අප අවට වන සජීවිව්ව් අජීවී ලෝකය මදක් පාලනය කර ගන්නට පුලුවන් උනාට අපි තවම ජීවත් වන්නේ නොදන්නා කම රජයන දේවල් වලින් පිරුන වට පිටාවක බව. සොබා දහමේ තියෙන බොහොමයක් බලවේගයන් හමුවේ අපි තවම අන්ත අසරනයි. අපි භාවිතකරමින් ඉන්නට විද්‍යාවන් බොහොමයක් තුල තියෙන්නේ තවමත් අපේ උත්සාහයන් ඉදිරියේ වලංගුව පවතින ගොඩ  නගා ගැනීම් මිස අන් කවරක් වත් නොවෙයි. වරක් මහා විද්වතෙක් පැවසූ අපූරු කියමනකින් මගේ මේ වාචික සටහන අවසන් කරන්නට කැමතියි. ඒනම් අපි තවමත් නොදන්නා දැනුම කියන අනන්ත මුහුද අද්දරක වෙරලේ වැලිබත් උයමින් ඉන්න කුඩා දරුව්න් පිරිසක් පමනයි."
                                                                                                                                    Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...