2014-09-16

සැප්.30ට මාධ්‍ය හමුවක් Microsoft වෙතින් නිවේදනය වේ...

   Microsoft සමාගම මේ වන විට මීලග press eventය සැප්තැම්බර් 30 දිනට නිවේදනය කර සිටිනවා.  San Francisco වලදී පැවැත්වෙන මෙම හමුවේදී මයික්‍රසොෆ්ට් ආයතනය තම මීලග මෙහෙයුම් පද්ධතිය පිලිබදව නිල නිවේදනය මෙන්ම එහි පෙර සංස්කරනයක් නිකුත්කරනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. ආයතනය Windows Threshold නම් සංකේතනාමයෙන් සංවර්ධනය වෙමින් ඇති මෙම නිකුතුවේ පෙර සංස්කරනයක් මෙදිනට පැමිනෙනු ඇති බවට මේ වනවිට බලාපොරොත්තුව වෙමින් ඇති අතර එය Windows 9 ලෙසට නම් ලබමින් පැමිනෙනු ඇති බවටයි සැලවෙන්නෙ. මෙදිනම enterprise සංස්කරනය පිලිබදවත් තොරතුරු බලාපොරොත්තුවන අතර windows 8 සමග අසාර්ථකවූ විශාල ප්‍රමානයේ ආයතනයන් එය වැලද ගැනීමේ ප්‍රවනතාවය මෙම නව සංස්කරනය සමග නිවැරදි කර ගන්නට හැකි වනු ඇති බවටයි විචාරනය වෙමින් ඇත්තේ.Microsoft ආයතනය මෙම නව සංස්කරනය සැලසුම් කරද්දි විශාල පරිමානයේ අයතනයන් ගෙන් ලැබුන  feedback පිලිබදව දැඩි අවධානය කින් කටයුතු කර ඇති බවටයි තොරතුරු අනුමානනය කරමින් සිටින්නේ.
                  එල බෙන සංස්කරනය පිලිබදව මෙම වන විට නොනිලව බොහෝ තොරතුරු හෙලි වෙමින් ඇති අතර නවතම තොරතුරක් වන්නේ Wi-Fi Sense හැකියාව මෙහෙයුම් පද්ධතියටම සංයුත්ත්ව පැමිනීමට ඉඩ ඇති බවයි. නීරන්තරයෙන් හමුවන Wi-Fi hotspot  පිලිබදව තොරතුරු මතක තබා ගන්නටත්, ස්වංක්‍රීයව ඒවාට සම්බද වීමටත් පමනක් නොව Outlook.com, Skype හා Facebook  සමග ඒවා පිලිබදව තොරතුරු හිතවතුන් සමග බෙදාගන්නටත් හැකිවන ලෙසට මෙම නව සැකසුම් වනු ඇති බවටයි හෙලි වෙමින් ඇත්තේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...