2014-04-07

XP නිල සමුගැනීමට සූදානම් වෙයි!!!!

  සමහර විටක යම් යම් හේතූන් නිසාම ඔබ වින්ඩෝස් XP වල යාවත්කාලීන ලැබීම මෙහෙයුම් පද්ධතියේ සැකසුම් ඔස්සේ අවහිර කර ඇති භාවිතාකරන්නෙකු වීමටද හැක. එහෙත් හදාරන්නන් යෝජනා කරන්නේ වින්ඩෝස් XP වලින් සමු ගන්නට කලය හොදටෝම පැමින ඇති බවකි. නමුත් වැඩි දුරටත් ඔබ විස්වාස කරනවා විය හැක්කේ හෙට දිනය පෙර කී භාවිතානොකිරීම ඔස්සේ අවැදගත්වීම ඔබට අදාල බව විය හැකියි. හදාරන්නන් නැවත වරක් ඔබව ප්‍රතික්ශේප කරන්නට පෙලබෙන්නේ සැලකිය යුතු භාවිතාවක් සමග වින්ඩෝස් XP සදහා වගකීම අදාල ආයතනය අත්හැර දැමීම නිසාම පහර දෙන්නන්ගේ වැඩි අවධානයක් තම හානිකරයන් සමග XP වෙතට යොමුවීම සිදුවනු ඇති බවය. හුදකලා පරිගණකයක් ඔස්සේ ඔබගේ XP භාවිතාව පවතින්නේනම් තරමක් දුරට සැහැල්ලුවක් ලබා ගත හැකි වුවද Pen Drive වැනි අමතර උපාංග ඔස්සේ හානිය පැමිනීමේ සම්භාවිතාව අමතක නොකලයුතු බවකි.
                                                වෘතීය මට්ටමේ හෝ මූල්‍ය භාවිතා මට්ටමේ භාවිතාකරන්නෙකු නම් ක්ශනිකව වඩාත් නවීන විවෘත හෝ මිලදී ගන්නා ආකාරයේ මෙහෙයුම් පද්ධතියකට පියවර නගන්නට කාලය පැමින ඇත. ඒ සදහා හේතූන් බොහෝය. සාමන්‍ය මට්ටමින් සැලකීමේදී  XP නිර්මානය වන්නේ දශකයකට ඉහත කාලයකදීය. මෙහෙයුම් පද්ධතිය හා භාවිතාකරන්නා හමුවන මුහුනත නැතිනම් වෝල්පේපරය පැරනි වීම විටක නොසැලකිය හැකි හේතූන් වූවද මේ වන විට එය ඇතුලතින්ම නව බාවිතාවන් සමග දැරිය නොහැකි තරම් පැරනි ගොඩ නැගීමක් වී ඇත. ආරක්ශිත අංග වලදී මෙන්ම ක්‍රියාකාරකම් අංග වලදීද මෙම දුරවලකම ඔනෑවටත් වඩා නිරාවරනය වෙමින් ඇත. හුදකලා භාවිතය ප්‍රථම ලෙස සැල කෙන ගොඩ නැගීමක් XP නිර්මානයේ පදනමම වී තිබේ.  ස්මාර්ට් දුරකථන දුලබ ,  ලැප් ටොප් පරිගණකය අධි මිලැති භාවිතාවක්ව තිබූ එම යුගයේ සිට එක අයෙකු අවමව දත්ත උපාංග දෙකක් වත් භාවිතාකරන භාවිතාකරන්නාගේ අනන්‍යතාවය තව දුරටත් තව දුරටත් උපකරනය මත නොව දුර බැහැර සර්වරයකට භාරවන දවස ඇරබුන සිදුවූ දත්ත උපකරනයේ සිට අවශ්‍යතාවය හා අවස්ථාව අනූව උපකරනයෙන් උපකරනය මාරුවන නමුත් අකංඩව තම අනන්‍යතාවය ‍රැකගත හැකි උපකරන භාවිතාවන ලෝකයයක අප සිටින්නෙමු. 
               කෙසේවත් සමුගත නොහැකි භාවිතාවක ඔබත් තවමත් XP සමග සිටින්නේ නම් මද හෝ අස්වැසිල්ලක් වෙනු වෙන් තවදුරටත් සහය දෙන ආරක්ශක මෘදුකාංගයක් ස්ථාපනය හා නිවැරදිව යාවත්කාලීන කරමින් නිරන්තරයෙන් අවධානයෙන් සිටීම මෙන්ම බ්‍රවුසර භාවිතාවේදීද ලබා ගත හැකි නවතම සංස්කරනයන් භවිතාකල හැකි බ්‍රවුසර මෘදුකාංගයක් ස්ථාපනය කර ගැනීමත් ස්ථාපනය කරගෙන ඇති අමතර මෘදුකාංග හැකි උපරිමයෙන් අවම  මට්ටමක පවත්වාගෙන යාමත් හදාරන්නන්ගේ උපදෙස් ලෙසට දැක්වෙනවා.
             XP වල නිල සමු ගැනීමෙන් අනතුරුව එය නිදහස් මෘදුකාංගයක් වීම , භාවිතාකරන්නන් හට නිදහසේ භාවිතාකිරීම හැකිවීම ආදී විවිධ අදහස් උදහස් පලවෙමින් තිබුනද මේ වන විට පලව ඇති තොරතුරු හෙලි කරන්නේ එය නැවත ස්ථාපනයකින් පසුවද සංක්‍රීයකර ගැනීමට අවශ්‍යවීම ඇතුලු මෘදුකාංගයේ නිල අයිතිය මයික්‍රසොෆ්ට් ආයතනයෙන් ඉවත්වන්නට ඉඩක් නැති බවකි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...