2014-02-19

Windows Phone 8.1 සමග එන්නට නියමිත නවාංග කිහිපයක් හෙලිවේ...

  Windows phone 8.1 දෙසට ඇත්තේ දැඩි අවධානයකි. මයික්‍රසොෆ්ට් සමාගම තම Phone OS එක වෙතට වැඩි අවධානයක් සදහා ‍රැගෙන එන නවාංග පිලිබදව බොහෝ පෙර නිගමන පලවෙමින් තිබින. මේ වන විට අන්තර්ජාලය වෙතට පැමිනෙමුන් තිබෙනු දක්නට හැකිය. එසේ පැමින ඇති නවතම තොරතුරු අතර එලබෙන windows phone යාවත්කාලීනය ‍රැගෙන එන නවාංගයක් ලෙසට Swype style කිබෝඩය දැක්වේ. භාවිතාකරන්නා හට පහසුවෙන් තම කීබෝඩය හසුරවා ලන්නට සහය වන මෙම අංගය සමග ඔහුට කීබෝඩය මත තම ඇගිලි තුඩ slide ආකාරයට මෙහෙය වමින් මීලග වචනය ලබාදීමේ හැකියාව ඇති අතර එය වඩාත් වේගවත්ව කීබෝඩය ඔස්සේ අකුරු කිරීමකට සහය වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. මීට අමතරව emoticons සටහන් සදහා වන පහසුවක් දැක්වෙන අතර උදාහරනයක් ලෙසට happy වැනි වදනක් සටහන් කරනවාත් සමග පහසුවෙන් භාවිතාකරන්නට ලැබෙන යෝජනා අතරින් තම ප්‍රකාශනය තොරා ගැනීමේ අවස්ථාව වන බවටයි සටහන් වන්නේ.
                සමස්ථයක් ලෙසට තවත් අංග කිහිපයක්ම සමග මෙම නිකුතුව වඩාත් ආකර්ශනීය වනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් ඇති අතර windoas phone 8.1 නැතිනම් Windows phone blue හෝ සමහර විටකදී windoas phone 9 ලෙසට නම්ව පැමිනීමේ ඉඩකඩ පිලිබදව අදහස් පලවෙමින් තිබෙනවා. මයික්‍රසොෆ්ට් ආයතනය මෙම නිකුතුව පිලිබදව නිල නිවේදනය කිරීම එලබෙන අප්‍රේල් වලට නියමිත BUILD හමුවේදී සිදුවනු ඇති බවට බලාපොරොත්තුවන අතර දැනට මෙහි SDK ය තොරාගත් developers අතට පත්ව ඇති බවටයි වාර්ථාවූවේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...