2014-02-19

Fingerprint sensor සමග එන Samsung වල Galaxy s5

  Samsung ආයතනය තම මීලග smart phone නිකුතුව වන Galaxy s5 සමග  fingerprint sensor අංගයක පැමිනීමක් පිලිබදව නොනිල අරංචියක් පසුගිය දිනවල පැතිරෙමින් තිබුනු අතර මේ වන විට ඒ පිලිබදව වැඩි දුර තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. ඒ වනූව Samsung ආයතනය තම  fingerprint sensor අංගය එම දුරකථනයේ  home button වෙතට embedded ආකාරයෙන් එවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. එය Apple වල iPhone 5s අල ආකාරය ගනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. භාවිතාකරන්නා තම ඇගිල්ල මෙම sensor මත ඉහල සිට පහලට චලනය කිරීම තුල එම හඳුන ගැනීම සිදුවීමට නියමිත අතර moist හෝ wet ආකාරයේ ඇගිලිතුඩු සමග එය ක්‍රියා නොකරන අතර එවිට  error නිවේදනයක් නිකුත් වෙනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. මෙය real-time ආකාරයේ ක්‍රියාවලියක් ලෙසටත් ඔවුන් පැහැදිලි කර සිටිනවා.
                     මීට අමතරව දුරකථනය සමග වන භාවිතාකරන්නගේ අනන්‍යතාවය අවශ්‍ය කරන වෙනත් app සදහාද මෙම අංගය භාවිතාවට ඉඩ සැලසෙන අතර මෙසේ fingerprints අටක් දක්වා ඒයට මතක තබා ගැනීමේ හැකියාව පවතිනු ඇති බවටයි වාර්ථා වන්නේ. දුරකථනය සමන්විතව පැමිනෙන  Personal Folder හෝ Private Mode අවදිකරවා ගැනීමට PIN අංකය හෝ මෙම fingerprint භාවිතාකරන්නට හැකිවන අයුරින් පැමිනීම සිදුවනු ඇති බවටයි වැඩි දුරටත් පැහැදිලි කෙරෙන්නේ. මෙම ආකාරයේ  fingerprint sensor භාවිතාව මේ වන විටත් Apple හා HTC සමග නිකුත්ව ඇති අතර එතරම් කැපීපෙනෙන ආකර්ශයක් භාවිතාකරන්නන් වෙතින් දිනා ගෙන නොමැති බවට දැක්නට ලැබෙන අතර එලබෙන  ෆෙබරවාරි 23ට නියමිත මෙම Samsung නිකුතුවත් සමග එන sensor භාවිතාව ගෙනෙන වෙනස පිලිබදව විචාරක අවධානය යොමුව තිබෙනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...