2013-09-10

ඉන්ටෙල් වෙතින් "Haswell" නව ප්‍රොසෙසර් පෙලක්......

  INTEL ආයතනය තම Core processor පෙලෙහි හතරවන පරම්පරාවේ ප්‍රොසෙසර් චිප් පත Haswell නමින් මේ වන විට නිකුත් කොට තිබෙනවා. වඩාත් දියුනුකල ක්‍රියාකාරීත්වයකට අමතර බලය භාවිතවේ අවමවී කිරීම  සහිතව නව නිකුතුව සිදුව ඇති බවටයි එම ආයතනය පවසන්නේ. post PC යුගයේ ප්‍රවනතාවයන් වන වඩාත් ජංගම ගතියෙන් වැඩි , සැහැල්ලු , අඩු බැටරි භාවිතාවක්  සමග PC හා ස්මාර්ට් දුරකථනය එකි නෙන හමුවන දෘඩාංග හා මෘදුකාංග තලයක් කෙරෙහි අවධානයකින් මෙම නිමැවුම සිදුව ඇති බවටයි සටහන් වන්නේ. 25mm ඝනකමකින් යුත් touchscreen හා voice control මිත්‍ර Ultrabook වැනි උපාංග මෙම නව ප්‍රොසෙසරයේ ඉලක්කය බවටයි පවසන්නේ. පැමිනෙමින් ඇති all-in-one පරිගණක සදහා වඩාත් යෝග්‍ය integrated graphics සහිත මෙමනව නිපැයුමෙහි thermal design power(TDP) 7W අගයක පවතින බවටයි වාර්ථාවන්නේ.මෙම ප්‍රවනතාවයන් හොඳින් භාවිතාකරමින් පරිගණක සදහා වැඩි ආයුකාලයක් සහිත අඩු මිලැති battery නිර්මානය වීමේ හැකියාවද ඔවුන් සදහන් කර සිටිනවා.INTEL ආයතනය මෙම Haswell ප්‍රොසෙසර් පෙලෙහි මොබයිල් සංස්කරන හතරකුත් ඩෙස්ටොප් සංස්කරන තුනකුත් වන බවටයි සදහන් කර සිටින්නේ.නැනෝමීටර් 22 තක්ශනය මත නිර්මානය වන මෙම ප්‍රොසෙසර් Tri-Date 3D ට්‍රාන්සිස්ටර් වලින් සමන්විත බවටත් හා ප්‍රොසෙසර් ආකෘතියෙහි නව ප්‍රවනතවයක් ‍රැගෙන විත් ඇති බවටයි පෙන්නුම් කෙරෙන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...