2013-09-18

Bing සෙයුම් යන්ත්‍රයට නව Logoවක් පැමිනේ

 මයික්‍රසොෆ්ට් ආයතනය පූර්න වෙනසකට යොමුවෙමින් ඇති බව ප්‍රකට කරුනකි. ආයතනික ව්‍යුහයේ සිට තම නිෂ්පාදන දක්වාම මෙම වෙනස දැක්වෙමින් ඇත.ආයතනය පසුගියදා පවසා සිටියේ තම ප්‍රධාන තම පදනමක් වන Bing සෙයුම් යන්ත්‍රය තම office හෝ Xbox වලටද වඩා අවදානයක් යොමුකරමින් සිටින බවයි. පසුගියකාලයේ සිට පැමිනෙමින් ඇති නව ප්‍රවනතවයක් වන වඩාත් සරල ද්විමානීය Logo භාවිතයට එකග වෙමින්  ඔවුන් තම Bing සේවාවේ Logo වද වෙනස් කරන්නට තිර්නය කර ඇති බවටයි එහිදී වැඩි දුරටත් පවසා සිටියේ. 
              තම අනෙකුත් සේවාවන්ගේද හදවත ලෙසට සැලෙකෙන Bing සෙයුම් යන්ත්‍ර සේවාව වෙතට ගෙන එන මෙම වෙනස ඔවුන් හැදින්වූවේ පසුගිය කාලයේ සිට තම CEO ‍රැගෙන එමින් තිබෙන සේවා හා භාන්ඩ නිෂ්පාදනය කරන හා  "එක" ආයතනයක් ලෙසට වන නව දැක්ම සංකේතවත් කරනු ඇති බවයි. නව ලෝගෝව නිර්මානයේදී වේගවත් බව මෙන්ම පැහැදිලි වැඩි ද්‍රශ්‍ය බවක් තම ඉලක්කය වූ බවටත් පැවසෙනවා.එසේම වඩාත් මානුශික මෙන්ම  නවීන බවක් ‍රැගෙන එන්නට තමන්ට අවශ්‍ය වූ බවක් ඔවුන් පවසා සිටිනවා.
                     පැරනි සාම්ප්‍රධායික සෙයුම් යාන්ත්‍රනයේ ඇති වෙමින් ඇති නව වෙනස පිලිබදව සදහන් කරන ඔවුන් පවසන්නේ හිදු වචන කිහිපයක සිට මාන කිහිපයක් ඔස්සේ විහිදෙමින් සාමන්‍ය ජීවිතයට වඩත් සමීපවෙමින් ඇති හා සාම්ප්‍රධායික පරිගණකයේ සිට නෙක හැඩ හා ප්‍රමානගත් උපාංග දෙසට විහිදෙමින් ඇති නව සෙයුම් යන්ත්‍ර අවකාශ තමන්ගේ අවධානයට ලක්ව ඇති බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...