2012-11-28

මයික්‍රසොෆ්ට් අවුට්ලුක් ඔන්ලයින් සේවාවට මිලියන 25කට වැඩි භාවිතාකරන්නන් ...



පසුගිය ජූලි මාසය අවසානයේ පමන මයික්‍රසොෆ්ට් ආයතනය බීටා සංස්කරනයක් ලෙසට අවුට්ලුක් ඊමේල ඔන්ලයින් සේවාව අරබන ලද අතර අද ආයතනයෙන් නිකුත්වන නිවේදනයකට අනූව පැවසෙන්නේ මේ වන විට එම සේවාව ලබන භාවිතාකරන්නන්ගේ සංක්‍යාව මිලියන 25 ඉක්මවා යමිත් ඇති බවයි.ඔවුන් පවසන්නේ එම භාවිතාකරන්නන්ගෙන් තුනෙන් එකක් පමන සංක්‍රීය මට්ටමේ ජීමේල භාවිතාකරන්නන්ව තිබුන මුත් ආයතනය විසින් දියත්කල තම සේවාවසතුව ජීමේල පහසුකම් වලට වඩා වැඩි සේවා අංග ඇති බව පිලිබද ප්‍රචාරක වැඩ සටහනෙන් අනතුරුව පෙර කී භාවිතකරන්නන්ගේ පහෙන්  හතරක් පමන තම සේවාව වෙත ආකර්ශනය කර ගැනීමට තමන් සමත්වූ බවයි.
                  ආයතනය වැඩිදුරටත් පවසා සිටින්නේ එලබෙන දෙසතිය තුලදී නව අංගයන් රාශියක් තම සේවාව වෙතට හදුන්වා දීමට සැලසුම් කර ඇති බවහ්ත් ඒ අතර යතුරු කෙටි මං කිහිපයක් වර්නවත් පසුතලයන් ඇතුලු ආකර්ශනීය දේ කිහිපයක්ම වනු ඇති බවයි.ආයතනය පසුගියදා ඇන්ඩ්‍රොයිඩ් සමග පහසුව වෙන් ගනුදෙනු කිරීමට හැකිවන ලෙසට ඇන්ඩ්‍රොයිඩ් ඇපෙකක් ද හදුන්වා දීමට කට යුතු කොට තිබුනා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...