2012-09-01

කාලය පරිගණක ලෝකය තුලද තීරනාත්මකය....


එලබෙන කාලය පරිගණක භාවිත ලෝකය මත තීරනාත්මක වෙනස්කම් කිහිපයකින් සලකුනු වන්නට නියමිතය. ඒ අතර ඉහලින්ම සටහන් වන වින්ඩෝස් 8 නිල ලෙස හදුන්වා දීමට නියමිත වීම දැක්වේ. හදාරන්නන්ට අනූව ලොව වැඩිම භාවිතාවක් ලබන පරිගණක මෙහෙයුම් පද්ධතියේ පෙර සංස්කරන සියල්ලම ඔස්සේ ගලා ආ ප්‍රධාන ආකෘතිය වෙනස් වීමට නියමිතව ඇත. තවත් අයුරකින් පවසනවා නම් එම භාවිතය වඩාත් සරල පහසු ආකෘතියකට වෙනස් වීමට මුල් තැන ලැබි ඇත. කොටින්ම තම මෙහෙයුම් පද්ධතිය භාවිතය සරල ජංගම උපකරනයක් භාවිතය තරමට පහසු කොට ඇත. මේ බව මෙට්‍රො මුහුනත , ටයිල් භාවිතය , ඇප්ලිකේශනයක් අවසන් කිරීමේ සරල ක්‍රමය , ක්ලවුඩ් මතට වැඩි බරක් ලබා දෙමින් උපකරනය මෘදුකාංගමය ලෙසද අඩු බරක්  හා  එම මෘදුක්‍රියා කාරකම් වල ආරක්ශාව පිලිබදව වැඩි වගකීමක් ආයතනය මත තබා ගැනීම ආදී ඇතුලු බොහෝ වෙනස්කම් හැදෑරීමෙන් වටහා ගත හැක.
                                                තවත් දෙසකින් ආයතනය තම නව මෙහෙයුම් පද්ධතිය සදහාම උපකරනයක් හදුන්වා දෙමින් ඉහත කී වෙනස්කමේ ඉදිරිය පිලිබදව පනිවිඬයක් දෙමින් සිටී.සමහර විටක තුන්වන පාර්ශවයක උපකරන වලට වඩා තම මෙහෙයුම් පද්ධතියේ උපරිම කාර්යක්ශමතාවය සදහා තම් දෘඩාංග වෙතට භාවිතාකරුවන් සදහා අනාගතයේ පැමිනෙන්නට වීමේ අනා ගත යෝජනාවක් ඒ තුල සැගවී නැතිමයැයි පැවසීමට අපහසු වෙමින් තිබේ.
                                                          බොහෝ විට එලබෙන වසර වන විට පරිගණක භාවිතාවන් දැනට පවතින ස්වභාවයේ සිට තීරනාත්මක ලෙසට වෙනස් වීමේ අනිවාර්ය අත්දැකීම මගහැරීමට නොහැකි වන බවනම්  ස්ථිරව පැවසිය හැක. එය පරිගණකය හැසිර වීමේ පමනක් නොව සයිබර් පහර දෙන්නන් , භාවිත කරුවන්ගේ අනන්‍යතා පැහැර ගන්නන් දක්වාම වෙනසක් ‍රැගෙන එන බවටනම් ස්ථිරය.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...