Pages

2011-07-25

LinkedIn වෙතින් නව අංගයක්.....

වෘතීය තත්වයන් මුල්තැනලා සැලකෙන ලෙස සැකසී ඇති  වෙබ් අඩවියක වන LinkedIn හි නවතම අංගයක් එකතු කර ඇති බවට පුවතක් පලවෙනවා. මේ අනූව මින් පසු ආයතනයක ‍රැකියා අවස්තාවක් සදහා ඉල්ලුම් පතක්  වෙබ් අඩවියක පලකරන විට එම ආයතනයට අවස්තාවක් ලැබෙනවා  "Apply with LinkedIn" නම් ප්ලගීනයක් සමග තම ‍රැකියා අවස්ථා පල කරන්නට. ඉල්ලුම් කරන්නෙකුට මේතුලින් අවස්තාවක් ලැබෙනවා තම අයදුම් පතට තම ගිනුමේ දත්තයන් පහසුවෙන් තම අයදුම් පතට ඇතුලු කරන්නට බවයි සටහන් වන්නේ. එම ආයතනයේ ප්‍රකාශකයෙකු පසුගිදා ප්‍රකාශකර තිබුනේ දැනටමත් ලොවපුරා ආයතන දහස් ගනනක් මෙම නව පහසුකම භාවිතා කරන බ්වයි.