Pages

2011-07-26

ගූගල්+හි අන්වර්ත නාමයන් භාවිතය...............

"ඇත්තෙන්ම අපට උවමනා උනා ගූගල්+ වලදී අස්වාභාවික නාමයන් භාවිතාකරමින් ගිනුම් ඇරබීම පාලනය කරන්න. උඩු යටිකුරුවූ අකුරු භාවිත කිරීම "දෙවියන් " වැනි සම්මත වචන භාවිතය ගූගල්+ වලදී සීමා කර ඇත්තේ ඒ නිසයි. අනික ඔබ සිතන්න විදිමත් අවන් හලකට උඩුකය නිරුවත් අයවලුන්ට ඇතුලුවීමට අවසර නොදෙනවා වගේ ක්‍රියාවක් මේක." ගූගල්හි ඉහල පෙලේ නිලධාරියෙකු පසුගියදා තාක්ශනික බ්ලොග්කරුවෙකු සමග පැවති තොරතුරු හුවමාරුවකදී ප්‍රකාශවූ බවයි සටහන් වන්නේ.අන්වර්ත නාමභාවිතයට ඉඩ සැලසෙන නවාංගයක් හදුන්වාදීම කෙරෙහි තම අවදානය යොමුවී ඇති නමුත් සමස්තයක් ලෙස ගූගල්+හි අන්වර්ත නාමයන් භාවිතය වැලකීමට තම ආයතනය අවධානයෙන් සිටින බවයි ඔහු ප්‍රකාශකර තිබුනේ.