Pages

2011-07-04

කරුනු හතරකින් අප ඉදිරියෙනි, මීට ගූගල්+

තවමත් සීමිත පිරිසක් අතරේ අත්හදා බැලීමේ මට්ටමේ පවතින ගූගල්+ ගැන නිරන්තරයෙන් කරුනු පලවෙමින් පවතී. ෆේස්බුක් වලට වඩා ගූගල්+ ඉදිරියෙන් සිටින්නේ කෙසේදැයි කරුනු හතරක් ආශ්‍රයෙන් මෙසේ පැහැදිලි කර තිබිනි.
                                   පලමු කරුන ලෙස පැහැදිලි කරන්නේ ෆේස්බුක්වලදී ඔබ හොදින්ම දන්නා මිතුරාත් කිසිදාක තවමත් හමුවී නැති මිතුරා සමගත් සමාන ලෙස ඔබේ තොරතුරු කාරනා බෙදා ගැනීමට සිදුවී තිබීමයි. සැබෑ ජීවිතයේදී මෙන් මෙම කොටස් දෙක අතර වෙනස් ආකාරයේ සබදතාවයන් පවත්වාගෙන යන්නට ගූගල්+ මගින් ඔබට අවස්තාවක් ලබා දී ඇත. එය "ස(ර්)කල්" ලෙස ඔවුන් නම් කර ඇත.
                                       ගූගල් සෙවුම් යන්ත්‍රයේ බලවත් බව නිසා ඔබේ බ්ලොග් පලකිරීමක් වීඩියෝවක් නැතිනම් ප්‍රවෘතියක් පහසුවෙන් ඔබේ  "ස(ර්)කල්" එකක් තුල බෙදා ගන්නට පහසුවෙනු ඇත.අදාල සබදතාවය අවදි කල පමනින් එම තොරතුර අදාල කොටස් සමග බෙදාගන්නට පහසුව සැලසෙනු ඇත.
                                        ගූගල් හි පැතිරුනු බොහෝ සේවාවන් සමග ඔබට පහසුවෙන් කටයුතු කරන්නට හැකිවනු ඇත. කථා බහක් පහසුවෙන් ඔබේ ජීමේල් ගිනුම වෙතට ගෙන යාහැකි වනු ඇත. ඡායාරූප බෙදා හද ගැනීමක් පිකාසා වෙත සම්බන්ද කල හැකිවනු ඇත.
                                          ඔවුන් අවසාන ලෙස පවසන්නේ ෆේස්බුක් වලට වඩා ගූගල්+ ජංගම උපකරන වලට වඩාත් උචිත ලෙස නිමවී ඇති බවයි."ස්මාර්ට් දුරකතනය" ගූගල් + නිර්මානය වීමේ ආරම්භයේ සිටම අපේ සිත්වල තිබුනා" ඔවුන් පවසයි. "ඔබේ "ටෙක්ස්ට්" පනිවිඩක්  ඡයාරූපයක් ජංගම දුරකතනයක් අධාරයෙන් සිදුකිරීමේ ෆේස්බුක් වලට වඩා අපි වැඩි පහසු වක් ලබා දී තිබෙනවා".