Pages

2011-07-18

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා ඉදිරියෙනි

පසුගිය දිනවලදී ප්‍රධානපෙලේ වෙබ් පිරීක්සන සියල්ලට එරෙහිව හානිකර මෘදුකාංග කිහිපයක් යොදා කල අත්හදා බැලීමකදී ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 8 හා 9  ප්‍රතිශක්තිය අතින්  ඉදිරියෙන් සිටි බවට පුවතක් පලවෙනවා."එන්.එස්.එස් ලැබ්" නම් ආයතනයකදී කල මෙම  පර්යේක්ෂනයේදී  හානිකර මෘදුකාංග වෙත යොමුකරන වෙබ් ලිපින යොදා ගනිමින් දින 19 ක් තිස්සේ පවත්වන ලද අතර ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 8  90%  වැලැකීමේ ප්‍රතිශතයක් පෙන් වූබවත් ක්‍රොම් 10% , ෆයර් ෆොක්ස් 4% හා සෆාරි 5%  ප්‍රතිශතයක්  පෙන් වූ බවටත් වර්ථා වෙනවා.මෙහිදී ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා හි භාවිතාවන "ස්මාට්ස්ක්‍රීන් ‍ෆිල්ටර් හා ක්ලවුඩ් බේස්ඩ්" තාක්ශනයන් වැඩි ඇගයීමකට ලක් වූ බවටත්  සටහන් වෙනවා.