Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Pages
▼
2011-06-19
විනාඩි දහයක ආයුකාලයක් සහිත ඊමේල් ලිපිනයක්.......
අන්තර්ජාලය තුල ඊමේල් ලිපිනයක් යනු සාමාන්‍ය සමාජයේදී හැදුනුම් පතක් වගෙ දෙයක්.කිසියම් අඩවියකදී ඔබේ අනන්‍යතාවය හා පසුකාලීනවත් සබදතාවය උවමනා විටකදී හැමවිටකදීම ඔබේ ඊමේල් ලිපිනය ඉල්ලාසිටීම සිදුවෙනවා.අනිත් අතින් නිරවුල් ඊමේල් ගිනුමක් දිගුකාලීනව පවත්වාගෙන යාමත් අපහසු කටයුත්තක් වන්නේ නිරන්තරයෙන් ලැබෙන්නට ගන්නා අනවශ්‍ය ඊමේල වලින් පැමිනෙන ලිපි ගොනුව නිතරම පිරෙන්නට පටන් ගැනීම නිසයි. මෙසේ සැක සහිත හෝ වෙබ් අඩවියක ලියා පදිංචිය සදහා පමනක් ඊමේල් ලිපිනයක් උවමනා විටකදී , විනාඩි දහයක ආයුකාලයක් සහිත ඊමේල් ලිපිනයක් තිබීම සමහර විට ප්‍රයෝජනවත් වන්නට ඉඩ තිබෙනවා. පහත ලිපිනය ඔස්සේ පිවිස විනාඩි දහයකට සීමාවූ ඊමේල් ලිපිනයක් ලබා ගත හැකියි.