බහුල බාවිතාවක් ඇති KMPlayer හා සමාන මුත් වඩාත් සැහැල්ලු මෙන්ම භාවිතයේ ඇති සියලුම පාහේ ගොනුවර්ග සමග කටයුතු කිරීමට හැකි මෘදු ප්ලේයරයක් ලෙසට මෙම potplayer මෘදුකාංගය සැලකෙනවා. මෙම මෘදුකාංගය සමග කටයුතු කිරීමේදී භාහිර codecs ස්ථාපනයට අවශ්‍ය නොවීමද තවත් පහසුවක් වනු ඇති බවටයි විචාරනය වන්නේ. වඩාත් උසස් තත්වයේ ධාවනයක් ලබා දෙන මෙම ප්ලේයරය WebCam/Analog/Digital TV devices ඇතුලු තවත් අමතර සේවාවන් රැසකින් සමන්විත බවටයි විස්තර වන්නේ. නොමිළේ භාවිතාකල හැකි මෙම ප්ලේයරය භාවිතාකරන්නා වඩාත් සතුටට පත් කරන්නක් වනු ඇති බවට තවත් හේතුවක වන්නේ අඩු බරැති ධාවනය නිසා බලයෙන් අඩු පරිගණක වලද පහසු ධාවනයකට සූදානම්ව පැමින තිබීම බවටයි කියවෙන්නේ.
