මයික්‍රසොෆ්ට් මෙවර මාසික යාවත්කාලීනය සමග ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා හි සංස්කරන නිල අංකයද වෙනස් වෙනු ඇති බවටයි පෙනෙන්නට ඇත්තේ. එය IE 11.0 වල සිට 11.0.1 දක්වා වෙනස් වන අතර Internet Explorer 11 සමග පැමිනි Enhanced Protected ස්වභාවය භාවිතාකරන්නාට අවශ්‍ය නම් පමනක් අවදිකර ගත හැකි ලෙසට වෙනස් වනු ඇති බවටයි වැඩිදුරටත් සටහන් වන්නෙ. බ්‍රවුසරය සමග මුල් ස්වභාවයෙන් පැමින තිබූ එම තත්වය සමග XHR response පැමිනීමට පේර වෙබ් පිටුවක් වසා දැමුව හොත් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා වෙතට HTTP සබදතාවය අවසන් වීමේ දුර්වලතාවයක් මීට පෙර දී හදුනා ගෙන තිබුනා.මෙවර යාවත්කාලීන ගොනුව සමග හදුනා ගෙන තිබූ දුරවලතා 17ක් සදහා පිලිසකර නිකුත්ව තිබූ අතර අමතරව ප්ලෑෂ් ප්ලේයරය වැනි අමතර යාවත්කාලිනද වූවා.
