Pages

2013-03-15

Galaxy S IV දුරකථනය නිල වශයෙන් නිකුත්වේ.......

බොහෝ දෙනාගේ අවධානය ලබාගෙනතිබූ Samsung ආයතනයේ Galaxy S IV දුරකථනය මේවන විට නිල වශයෙන් නිකුත්ව තිබෙනවා. නිව්යෝර්ක් නගරයේදී එරට වේලාවෙන් පස්වරු හතට පමන මෙම නිල නිකුතුව සිදුවූ බවටයි වාර්ථා පවසන්නේ. අඟල් 5 ප්‍රමානයේ අධි සුපැහැදිලි තිරයක් සහිත හා අඟලට  පික්සල් 441ක ධාරිතාවයකින් යුත් මෙම දුරකථනය Samsung Exynos 5,Qualcomm Snapdragon S4   ප්‍රොසෙසරයකින් හා 2GB ‍රැම් බලකින් හා  ගිගා බයිට 16 , 32 , හෝ 64 ගබඩා හැකියාවකින් යුක්ත වන බවටයි දක්නට ලැබෙනුයේ.මෙම දුරකථනය මත ධාවනය වන්නේ ඇන්ඩ්‍රොයිඩ් 4.2.2 සංස්කරනයක් වන අතර මෙගා පික්සල්  13ක පසු පස කැමරාවක් හා 3G හා 4Gසබදතා මිත්‍ර උපකරනයක් ලෙසටයි දැක්වෙන්නේ.