ගූගල් ආයතනය මේ වන විට පවසා ඇත්තේ මෙම වසර අවසානට පෙර තම ගූගල් ග්ලාස් නිපැයුම වෙළඳ පොලට එනු ඇති බවයි.මෑතකදී එක්තර ආයතනයක් ගූගල් වෙතින් විමසා සිටියේ දෑනටමත් වෛද්‍ය නිර්දේශ මත සමාන්‍ය නෙත් පලදනා භාවිතාකරන්නන් මුහුන දෙන තත්වයට ලැබෙන විසදුම කුමක්ද යන්නයි.ඔවුනට පොදු කාචයන් භාවිතයට යාම ප්‍රායෝගික නොවනවා සේම දෘශ්‍ය සෞක්‍ය වඩාත් බැරෑරුම් වීමේ අවධානම ගැන විමසා සිටිනු ලැබුවා. ලොවපුරා විශාල පිරිසක මෙලෙස දැනටමත් නෙත්පලදහා භාවිතාවීම තුල ආයතනය පවසා සිටියේ ඔවුන් සදහාද වෙනම ආකාරවල මෝස්තරයන් හදුන්වාදීමට තමන් කටයුතු කරන බවයි. තවමත් ඒවා නිකුත්වන දිනයන් පිලිබදව සදහා නිශ්චිත කාලසීමාවක් හෙලි නොකලද ස්තීරව එවන් විසදුමක් ගෙන ඒමට කටයුතු කරන බවටයි පවසා තිබෙන්නේ.
