Pages

2013-03-30

මයික්‍රසොෆ්ට් ගිනුම් දැන් නැවත "රී නේම්" කලහැක....

 
මයික්‍රසොෆ්ට් ආයතනය තම භාවිතකරන්නන් වෙත "අවුට් ලුක්" හි  බීටා මට්ටමේ පවතිද්දී තම ගිනුම් "රී නේම්" කිරීමේ අවස්ථාවක්ද ලබා දෙන ලදී. එහෙත් බොහෝ භාවිතාකරන්නන් තම යුසර් නාමය වෙනස කිරීමට උත්සාහ ගනිද්දී තමන්ගේ පෙර ඊමේල් මෙන්ම ස්කයිව් ඩ්‍රයිව් මත රදවතිබූ පැරනි ගොනු භාවිතාකිරීමට නොහැකිවීමේ ගැටලුවකට මුහුන දෙන්නට සිදුවූ අතර පසුව මටික්‍රසොෆ්ට් ආයතනය එම පහසුව තාවකාලිකව නවතා දමන්නට කටයුතු කරන ලදි. මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය එම දුර්වලතාවය විසදාදමා නැවත තම භාවිතාකරන්නන්හට තම ගිනුම් නාමය වෙනස් කිරීම හැකියාව ලබාදී ඇති අතර ආයතනය පවසන්නේ එම වෙනස නිමකර පැය විසි හතරක් ඇතුලත පැරනි ගිනුමේ වූ සියලු තොරතුරු නව ගිනුමට හුවමාරු වන බවයි.