Pages

2013-03-28

දැන් බින් සෙයුම් ප්‍රථිපල කාල වකවානු අනූවද පෙරීමකට ලක්කල හැක...

 
තම සෙවුම් ප්‍රථිපලවල කල් ඉකුත්වූ සබදතා පැවතීම බොහෝ විට භාවිතාකරන්නන් අතර අපහසුතාවයන් ඇති කරනු දැකිය හැකිය.මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ තම බින්  සෙයුම් යන්තරයේ ප්‍රථිපල පි‍ටුව වෙත කාල වකවානු අනූව නැවත පෙරීමක් සිදුකරන්නට භාවිතාකරන්නා හට ඉඩ සැලසෙන ලෙසින් නව අංගයක් එකතුකරන්නට තමන් තීර්නය කර ඇති බවකි.මේ අනූව භාවිතාකරන්නෙකු බින් සෙවීම් යන්තර තුල යම් කාරනාවක් පිලිබද සෙවීමක් කරන විට "පසු ගියපැය විසිහතර තුල" වැනි කාල සීමා පෙරීමකට එය යටත් කිරීමේ හැකියාවද භාවිතාකලහැකි වනු ඇත. දැනට ගූගල් ආයතනය තම ප්‍රකට වීඩියෝ සේවාව වන යු ටියුබ් තුල භාවිතාවන අතර එහිදී යම් වීඩියෝ සෙවීමක ප්‍රථිපලයක් පසුගිය පැය 24 නැතිනම් පසුගිය සතිය තුල පලවුනු වැනි පෙරීමකට භාජනය කිරීමේ හැකියාව ලබාදී ඇත.