Pages

2013-03-25

වින්ඩෝස් බ්ලු නොනිල සංස්කරනයක් අන්තර්ජාලයට.....

 
මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනයේ මීලග මෙහෙයුම් පද්ධති  සංස්කරනය ලෙසට සැලකෙන වින්ඩෝස් බ්ලු සංස්කරනය පිලිබදව තොරතුරු අන්තර්ජාලයවෙත නොනිල ලෙස නිකුත්වෙමින් පවතිනවා. දැනට අන්තර්ජාලය වෙතට මුදා හැර ඇති 32 බිට්, ගිගා බයිට් 2.63  අයි එස් ඔ මෘදුකාංගය ප්‍රංශයෙන් නිකුත්ව ඇති බවටයි දක්නට ඇත්තේ. එම නව සංස්කරනය සමග ස්ටාර්ට් මුහුනතෙහි ටයිල්ස් වල වැඩි ආකාරයෙන් භාවිතාකරන්නා හට වෙනස් කර ගැනීමේ හැකියාව පවතිබ බවත් එකවර  ඇප්ස් දෙකක් එකම ඇප්ලිකේෂනයක් සදහා ක්‍රියාත්මක කර ගැනීමේ වැඩි දියුනුකල හැකියාවන්,  නව කැල් කියුලේටරයක් , සවුන්ඩ් රෙකෝඩරයක්  ආදියෙන් එය සමන්විත වන බවටයි දක්නට ඇත්තේ.