Pages

2013-02-20

උබුන්‍ටු ටැබ්ලට් මෙහෙයුම් පද්ධතියක්....

සති කිහිපයකට පෙර පැවසුනු ආකාරයට උබුන්‍ටු මෙහෙයුම් පද්ධතියේ "ස්මාර්ට් ෆෝන්" සංස්කරනයක් පිලිබද පුවතට අමතරව පලවන නවතම පුවතකට අනූව පැවසෙන්නේ විශාල මට්ටමේ ස්පර්ශක තිර මිත්‍ර යුසර් ඉන්ටර්ෆේසයක්  සමග එන ටැබ්ලට්  මෙහෙයුම් පද්ධති සංස්කරනයක් සූදානම් වෙමින් පවතින බවයි. ඔවුන් පවසන්නේ එම නව නිකුතුව සමග භාවිතාකරන්නෙකුට එකවර ආරක්ශිතව ගිනුම් කිහිපයක් සමග කටයුතු කිරීමේ හැකියාව මෙන්ම දුරකථන ඇප් මෘදුකාංගයක් ටැබ් සංස්කරනය මතද ක්‍රියාත්මක කිරීමේ හැකියාව වැනි නවාංග කිහිපයකින් සමන්විත වීමට නියමිත බවයි. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ ඉදිරියේදී තම ඇප් මෘදුකාංග ඩෙස්ටොප්, දුරකථන  මෙන්ම ටැබ්ලට් මතදී කිසිදු ගැටලුවකින් හා අමතර මෘදුකාංග සහයකින් තොරව හැකිවනු ඇති බවයි. එසේම ඔවුන් පවසා සිටින්නේ ස්මාර්ට් ෆෝන් හා ටැබ්ලට් සදහාවන UI ‍රැගෙන එන early developer source code  නිකුතුවක්  එලබෙන 21 වෙනිදා වන විට නිකුත්වන්නට නියමිත බවයි.
http://youtu.be/h384z7Ph0gU