Pages

2013-02-24

"වින්ඩෝස් බ්ලූ" ගැන තවත් නොනිල තොරතුරු හෙලිවේ.....

වින්ඩෝස් 8 වෙත නිකුත්වීමට නියමිත මෙගා මට්ටමේ "වින්ඩෝස් බ්ලූ" යාවත්කාලීනය  පිලිබදව ක්‍රමයෙන් නොනිල තොරතුරු නිකුත්වෙමින් පවතිනවා. අලුත්ම පුවතකට අනූව පැවසෙන්නේ දැනට වින්8 භාවිතාකරන්නන් හට නොමිළේ නිකුත්වීමට නියමිත මෙම යාවත්කාලීනය සමග මෙහෙයුම් පද්ධතියේ මූලික මට්ටමේ සිට වෙනස්කම් ‍රැසැක් ‍රැගෙන එනු ඇති  බවයි. පරිගණකය ආරම්භක වේගය වඩාත් දියුනු කිරීම , ලබා ගන්නා ‍රැම් මතක ප්‍රමානය අඩුවීම , බල භාවිතය අවම කිරීම ඒවා අතර වෙනු ඇති බවටයි සටහන් වන්නේ. කෙසේ වෙතත් වින්ඩෝස් 8 හි "යුසර් ඉන්ටර්ෆේසය" මහත් වෙනසකට ලක් නොවනු ඇති බවටත් පැවසෙනවා.
                                           අඟල් 6-7 මට්ටමේ ටැබ්ලට් පරිගණක සදහා වඩාත් පැහැදිලි මොඩර්න් ඇප් භාවිතාවක් සදහා අධි සුපැහැදිලි බව වැඩි කිරීම මෙන්ම සෙවීම් යාන්ත්‍රනය  වැඩි දියුනු කිරීමද ඒ අතර වන බවටයි සටහන් වන්නේ."චාර්ම්" බාරයද වැඩි දියුනු කිරීම් වලින් සමන් විත වනු ඇති බවටයි සටහන් වන්නේ. අගෝස්තු මාසය වන විට මෙම නිකුතුව සිදුවෙනු ඇති බවටත් බලාපොරොත්තු පලවනවා.