Pages

2012-12-20

වින්8 කුඩා දරුවෙකුට පවා හැසිරවිය හැකි මෙහෙයුම් පද්ධතියකි......



මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස්8  මෘදුකාංගය සමගවිත් ඇති වෙනස නව භාවිතාකරන්නන් සදහා අපහසුවක් කැදවා  නොයෙන බව සනාත කිරීම සදහා මහත් කැපවීමක්  කරමින් සිටී. මෑතකදී ආයතනය වින්8 කුඩා දරුවෙකුට පවා මහත් පහසුවෙන් භාවිතාකලහැකි සරල නිමවුමක් සහිත බව ඉස්මතුවන ආකාරයේ වෙළද වීඩියෝවක් නිකුත් කරන ලද අතර වෙළද ආයතනයට පැමිනි නව පාරිභෝගිකයෙකුට වින්ඩෝස්8 හැසිරවීම ගැන හදුන්වාදීමට කැදවා සිටියේ කුඩා දරුවෙකු බවත් ඔහු ඉතා පහසුවෙන් වින්8  සවිස්තරකර  දෙන්නට සමත් බවත් එම වීඩියෝව ඔස්සේ දක්වා සිටිනු ලැබුවා.