Pages

2012-11-28

වින්8 භාවිතාව මිලියන 40 ඉක්මවමින් තිබෙන බවට....



මයික්‍රසොෆ්ට් ආයතනය  වින්ඩෝස්8 අවසාන සංස්කරනය නිකුත් කරනු ලැබුවේ පසුගිය මස 26 වන දින වන අතර ඊට දින හතරකට පසුව එහි ප්‍රධාන විධායක මට්ටමේ අයෙකු පවසා සිටියේ තම නව මෙහෙයුම් පද්ධතිය උස්තල ගැන්වීම් මිලියන 4ක් ඒ වන විට පසුකර ඇති බවය. පසුගියදා තම මෙහෙයුම් පද්ධතිය වෙළද පොලට නිකුත් කොට දින 32 සපිරෙන විට සටහන් වන්නේ වින්ඩෝස්8 බලපත්‍ර මේ වන විට මිලියන 40 පමන නිකුත්ව ඇති බවයි. ඔවුන් පවසා සිටින්නේ වින්ඩෝස්7 භාවිතාකරන්නන් කරා සමීප වූවාට වඩා වේගයෙන් වින්8 භාවිතාකරන්නන් වෙත වෙගයෙන් පැතිරෙමින් ඇති බවත් ඇප්ස් ස්ටෝව ඉතා සාර්ථකව වර්ධනය වෙමින් සිටින බවත්ය.