Pages

2012-11-28

ජීමේලයක් සමග දවටා යැවිය හැකි දත්ත ගොනුවක ප්‍රමානය ගිගා බයිට 10 දක්වා ඉහලට.....


ගූගල් ආයතනයෙන් පැවසෙන්නේ තම ජීමේල සේවාව ඔස්සේ යවනු ලබන ඊමේලයකට දැවටියහැකි දත්ත ගොනුවක ප්‍රමානය 10 ගිගා බයිට් දක්වා වැඩිවන බවයි. මේ ජීමේල භාවිතාකරන්නන් පෙර අත්විදි ප්‍රමානය හා සැසදීමේදී 400 ගුනයක වැඩිවීමක් බවටයි පැවසෙන්නේ.ගූගල් ඩ්‍රයිව් ක්ලවුඩ් සේවාව මත තැන්පත්කර ඇති දත්ත ගොනු මෙසේ ජීමේල ගිනුමකට සම්බන්ද කල හැකිවනු ඇති බවයි සටහන් වන්නේ.ජීමේල නිර්මානය සදහා යොදා ගන්නා පි‍ටුවේදීම ඉතා සරලව එම ගොනු සම්බන්ද කිරීමේ හැකියාව ලබාදී ඇති අතර ද්විත්ව අකාරයකට එම ගොනු ලබන්නා හට පහසුවෙන් භාවිතකල හැකිදයන්න ස්වංක්‍රීයව පරික්ශා කෙරෙන අතර එම ගොනු ලබා ගැනීම සදහා සැකසුම් වලින් යම් සීමා ඇත්නම් එම සීම වෙනස් කිරීමේ හැකියාව සකසා ගැනීමට අවස්ථාව එසැනින් ඊමේලය යැවීමට පෙරම ලබා දෙමින් වඩාත් සාර්ථකව මෙම නව හැකියාව නිර්මානය කර ඇති බවයෛ ආයතනය පවසන්නේ.