Pages

2012-10-23

වින්ඩෝස්8 ආශ්‍රිත නිකුතුවන් සදහා වන උත්සව මාලාව චීනයෙන් ඇරබුන වගයි......


මයික්‍රසොෆ්ට් ආයතනය තම මීලග මෙහෙයුම් පද්ධතියවන වින්ඩෝස් 8 හා ඒ හා සම්බන්දිත දෘඩාංග නිකුත්කිරීමේ සැමරීමේ උත්සව මාලාව හෝරා කිහිපයකට පෙර චීනයෙන් ඇරබුන බවටයි වාර්ථා පවසන්නේ.වින්8 සමග නිකුත්වීමට නියමිත සර්ෆේස් ටැබ්ලටය මෙම උත්සවයේදී එලිදැක්වුනු බවටයි එහි සටහන් වන්නේ. ලොකයේ පෞද්ගලික පරිගණක භාවිතයේ වැඩිම ඉල්ලුමක් සටහන් වන චීනයේ එම වෙළද පොල සමග වන විසි වසරක සබදතාවය සමරමින් ආයතනයේ ඉහල පෙලේ නිලධාරීන් කිහිපදෙනෙකුම එයට සහභාගී වු බවටයි එම සටහන් පවසන්නේ.
                 ලබන 26 පැවැත්වීමට නියමිත වින්ඩෝස් 8 එලිදැක්වීමේ උත්සවයේදී මයික්‍රසොෆ්ට් සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වන ආයතන කිහිපයකින්ම නිකුත්වන වින්ඩෝස්8 සදහාම  දියුනු කරන ලද දත්ත උපකරන 52 පමන එලිදැක්වීමට නියමිත බවටයි පැවසෙන්නේ.