Pages

2012-03-16


ගූගල් ආයතනය පවසනවා තම සෙයුම් යන්ත්‍රය වෙත තීරනාත්මක මට්ටමේ වෙනස්කම් කිහිපයක් හදුන්වා දෙන්නට සුදානම් වෙමින් සිටින බව. ඔවුන් පවසන්නේ වේගවත් හා පහසු සෙයුම් ප්‍රථිපල සදහා මෙම හදුන්වාදීම් සහය වනු ඇති බවයි."මෙතෙක් පැවති හුදු වචනයක් හෝ වචන කන්ඩයක් වෙබ් අඩවි සබදතාවක් වැනි සරල සෙයුම් යාන්ත්‍රනයකට වඩා සොයන්නාගේ අවශ්‍යතාවය වඩාත් ගැබුරින් වටහා ගනිමින් සේවය සලසන්නට අපට උවමනා වී තිබෙනවා.." ආයතනයේ ප්‍රකාශකයෙකු පවසා සිටියා.උදාහරන ලෙසට ඔහු පවසා සිටියේ "ඇමරිකාවේ පිහිටි ගැබුරුතම විල් දහය නම් කරන්න.." වැනි විමසුමකදී සාර්තකව පිලිතුරු ලබාදීම වැනි අවස්ථා ඔහු පෙන්වාදී තිබුනා. සංකීර්න ගොඩනැංවීමක් වන මෙම අරමුන දෙසට කුඩා මට්ටමේ  පියවර තැබීම මේ වන විටත් අරබා ඇති බවටයි ඔහු වැඩි දුරටත් පවසා තිබුනේ.