Pages

2011-11-29

ජපානයෙන් ටෙරාහර්ට්ස් මට්ටමේ චිපයක්......

ජපන් නිශ්පාදන ආයතනයකින් නිකුත්වන නිවේදනයකට අනූව කිය වෙන්නේ ටෙරාහර්ට්ස් මට්ටමින් දත්ත ලබා ගන්නට හා පිටකරන්නට හැකි මට්ටමේ චිපයක් පර්යේක්ශන තත්වයෙන් නිපදවන්නට තමන්ට හැකිවූ බවයි. මිලිමීටර් 1.5 හා 3  ප්‍රමානයෙන් තප්පරයකට ගිගා බයිට් 30 ක්‍රියාත්මක හැකියාවකින් යුක්තව මෙම චිපය ඉදිරි වසර දෙක හෝ තුන වන විට ඩොලර් 13 පමන මිලකට වෙලද පොලට නිකුත්කරන්නට තමන්ට හැකිවනු ඇති බවටයි ඔවුන් බලාපොරොත්තු පලකොට සිටියේ.
     ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ ටෙරාහර්ට්ස් මට්ටමේ තරංග වලට කඩදාසි , ප්ලස්ටික් , මතුපිට සම මෙන් ම බිත්තියක් පවා විනිවිදයාමේ හැකියාවත්  සමග මෙම චිපය යෙදූ උපකරන වෛද්‍ය හා ආරක්ශක උපාංග සදහා වඩාත් ගැලපෙන බවයි.