Pages

2011-11-01

පෙම්වතුන්ව වින්8 පෙම්වතිය පුංචි ආදරනීය ‍රැවටීමකට ‍රැගෙන යන්නට.....

 වින්ඩෝස් 8 යනු ඔනෑම පරිගණකමය උපකරනයක්  මත සාර්ථකව ධාවනය කලහැකි මෙහෙයුම් පද්ධතියක් ලෙස නිශ්පාදකයින් පවසන මුත් ඇත්තෙන්ම වින්ඩෝස්8 වල පලමු ආදරය ස්පර්ශක තිර සහිත උපකරන වෙනුවෙන්ම වෙනුඇති බවටයි හදාරන්නන්ගේ මතය වෙමින් පවතින්නේ.එක් තාක්ශනික විචාරකයෙකු පවසන්නේ  ස්පර්ශක තිර  සහය නොමැතිව වින්8 භාවිතය යනු මියගිය සුන්දරත්වයක් සමග ජීවත් වෙනවා වැනි හැගීමක් ඔබ වෙත ලැබෙනු ඇති බවයි. ඔවුන් පවසන්නේ "ඇත්තෙන්ම විස්ටා මෙහෙයුම් පද්දතිය අසාර්තකවූවේ එහි තාක්ශනික අඩුපාඩුකම් ඔස්සේම පමනක් නොවේ,භාවිතාකරන්නන්ගේ තාක්ශනික අඩුපාඩු කම්ද එයට බලපෑමක් ඇතිකලා.එකවරම ලොකුවෙනසක් කරා තම නිශ්පාදනය ඔසවා තැබීමේ අනතුර මයික්‍රසොෆ්ට් ආයතනය එතැනදී හොදින් අත්වින්දා". තවත් අයෙකු පවසා සිටියේ ස්පර්ශකතිර භාවිතය රහිත භාවිතාකරන්නන් නම් පෙම්වතුන්ව වින්8 පෙම්වතිය පුංචි ආදරනීය ‍රැවටීමකට ‍රැගෙන යන්නට තැත්කරනවාදෝයි තමන්ට සැක බවයි.