Pages

2011-11-01

වින් 8 වලදී c,c#,c++ වෙනුවට HTML/CSS/JAVASCRIPT

වින්ඩෝස් 8 සමග වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිවල සාම්ප්‍රදායික රටාවන් කිහිපයක්ම වෙනස් වනු ඇත. මෙට්‍රෝ ඇප්ස් වලදී මෙතෙක් වූ රටාවෙන් බැහැර වන්නේ සම්පූර්නයෙන් පාහේ වින්32 සාම්ප්‍රධායික ඇප්ස් වලින් බැහැරව නැතිනම් c,c#,c++ වැනි භාෂා භාවිතයෙන් බැහැරව  HTML/CSS/JAVASCRIPT වැනි භාෂා වෙත ලංවන බැවිනි.මෙයට හේතුකාරකය ලෙස ඔවුන් පවසන්නේ එසේ වෙබ් මිතුරු භාශාවන් භාවිතය නිසා ඒ.ආර්.එම් ආකාරයේ උපකරන වලදී ඒවා නැවත කම්පයිල් කිරීමේ අවශ්‍යතාවයක් ඇති නොවනු පිනිස බවයි.