මයික්‍රසොෆ්ට් ආයතනය තම ඔෆ්‍ෆිස්2007 සදහා ලබාදෙන "සමූහ යාවත්කාලීනය" පසුගියදා නිකුත්කල බවට තොරතුරු වාර්ථා වෙනවා.මෙගා බයිට් 351 කින් යුත් මෙම සර්විස් පැකය 2009දී ලබා දුන් දෙවන සර්විස් පැකයට පසු ලබා දෙන හා අවසාන සර්විස් පැකය වීමට බොහෝ දුරට ඉබ ඇති බවටයි පැවසෙන්නේ.ඉදිරි දින 90 වක කාලයක් සදහා තොරාලබාගත "ඔප්ශනල්" යාවත්කාලීනයක් ලෙස මෙය පවතින්නට නියමිත බවටයි තොරතුරු කියවෙන්නේ.