Pages

2011-08-19

ගූගල් මැප් සේවාව මතට කාලගුන තොරතුරුද එක්වෙයි..

ගූගල් ආයතනය නිකුත්කල නිවේදනයකට අනූව ඔවුන්ගේ ප්‍රදාන පෙලේ සේවාවක් වන "ගූගල් මැප් " මතට කාලගුන තොරතුරු ඇතුලත් ස්තරයක්ද එක්වන බවට කියවෙනවා. නිවසින් පිටතට සිදුවන ගමන් බිමන් වලදී මෙම තොරතුරු ගොන්න ඔබට බොහෝ උපකාරී වනු ඇති බවයි ඔවුන් බලා පොරොත්තු වන්නේ. මෙම ස්තරය මත කාලගුන තොරතුරු උෂ්නත්ව තොරතුරු ආදිය  ඇතුලත්වන අතර, නිශ්චිත තැනක් "ක්ලික්" කිරිම තුලින් වැඩිපුර විස්තර සහිත කවුලුවක් වෙත යොමුවන ලෙසට මෙය නිර්මානය වී ඇති බවටයි තොරතුරු පලවන්නේ. මීට අමතරව වම් අත දිසාවෙන් වැඩි තොරතුරු ලබා ගත හැකි වන අතර අනෙකුත් සේවාවලදී මෙන් නොව මෙම නවාංගය එකවර සියල්ලන් වෙතම මුදා හැර ඇති බවටයි තොරතුරු පලවෙන්නේ