Pages

2011-08-19

"ඩෙස්ටොප් ගැජට්"


වින්ඩෝස් 7 භාවිතයට සපැමින දෙවසරක් ගෙවී ඇත. ඒසේ මුත් තාමත් භාවිතකරන්නන් විසින් බහුලව භාවිතානොකරන පහසුකම් රාශියක් ඇතිබවයි හදාරන්නන් පවසන්නේ. මේවා අතර ඔබේ පරිගනකයේ  අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයේ දත්ත සටහන් පහසුවෙන් ලබා දෙන,තවත් විටක පාස් වර්ඩ් නිර්මානය කරදීමේදී සහය වන අදීවූ "ඩෙස්ටොප් ගැජට්"  රාශියක් ඇති  බවයි ඔවුන් පවස්න්නේ. මෙවා අතරින කිහිපයක් මයික්‍රොසොෆ්ට් ආයතනයේම නිර්මාන වන අතර තෙවන පාර්ශවයන් විසින් නිර්මානය කරන ලද තවත් රාශියක් ඇති අතර මේවා සියල්ල "මයික්‍රොසොෆ්ට් ලයිව් ගැලරි" තුලින් පහසුවෙන් නොමිලේ බාගත කල හැකි බවයි සටහන් වන්නේ.පහත දැක්වෙනුයේ  සමස්තයක් ලෙස පරිගණකයේ අභ්‍යන්තර තත්වය පිලිබදව දත්ත රශිය කින් ඔබ දැනුවත් කරනු ලබන එවැනි කුඩා මෘදුකාංගයකි. ස්ථාපනයෙන් පසු කුඩා අයිකනයක් පමනක් ඔබේ ඩෙස්ටොප් එක මතට පැමිනියද , අයිකනය ක්ලික් කිරීමෙන් දිග හැරෙන කවුලුව තුල ඔබේ පරිගනකය පිලිබද බොහෝ තොරතුරු ඔබට කියනු ඇත. .මෙම ලිපිනය ඔස්සේ පිවිසි ඔබටත් මෙම මෘදුකාංගය බාගත කරගනු හැකි වනු ඇත.