Pages

2011-08-15

මයික්‍රොසොෆ්ට් ආරක්ශාව අතින් ඉහලට....

ලොව ප්‍රධානතම ආරක්ශක මෘදුකාංග සමාගමක් වන කැස්පර්ස්කි ආයතනය මෑතකදී නිකුත් කල වාර්ථාවකට අනූව මයික්‍රසොෆ්ට් සමාගමේ නිශ්පාදන කිසිවක් ලොව වඩාත් අනාරක්ශිත මෘදුකාංග ලයිස්තුගත කිරීමෙදි ප්‍රතම 10 තුලට ඇතුලත් නොවන බවට සටහන් වනවා. එම සටහනට අනූව ඉතිහාසයේ ප්‍රතම වතාවට මෙම ඉවත්වීම සිදුවී ඇති බවයි සටහන් වන්නේ.ඇඩොබේ හා ඔරකල් සමගම්වලට අදාල නිශ්පාදන මෙම ලයිස්තුගත කිරීමේ ප්‍රතම ස්ථාන 10 තුලට ඇතුලත්ව තිබෙන බවයි සටහන් වන්නේ. ඔවුනට අනූව මයික්‍රසොෆ්ට් නිශ්පාදන වල මෙම ආරක්ශිත තත්වයට මූලික හේතුන්වන්නේ වැඩි වැඩියෙන් නියමිත පරිදි භාවිතා කරන්නන් තම මෘදුකාංග යාවත් කාලීන කිරීමත්, වින් 7 භාවිතයට වැඩියෙන් පෙලබවීමත් ලෙස සටහන් වනවා.