Pages

2011-07-15

වින්ඩෝස් නාමයට ආයුබෝවන්!!!!!

ඔවුන් පවසන්නේ මේවන විට වින්ඩෝස් යනු බෙහෙවින් පැරනි නාමයක්ව ඇති බවයි. එසේම අතීතය තුල සිදුවූ බොහෝ  අසාර්තක නිශ්පාදන සමගද වින්ඩෝස් නාමය මත තැවරුනු අපකීර්තියේ වැස්ම එහි දිදුලන බවට කල හානිය යලි ගොඩ ගත නොහැකි වනු ඇත." ඇත්තෙන්ම වින්ඩෝස් කියන්නේ තවමත් මෙහෙයුම් පද්ධති තරගයේ ඉදිරියෙන්ම සිටිනවා උනාට තරගකාරී අනෙකුත් නාමයන් සමග සලකනකොට භාවිතාකරන්නන් හා කීර්තිමත් බැදීමක් ගොඩනගා ගන්නට නොහැකිවෙලා තියනවා වගේ දැනෙනවා" තවත් විචාරකයෙකු පවසා තිබුනා. මයික්‍රොසොප්ට් ආයතනය "වින්ඩෝස්" නාමයට සමුදෙන්නට බොහෝදුරට ඉඩ ඇතිබවට දැන් දැන් ඉගි මතු වෙමින් පවතින බවයි  පෙනෙන්නේ.