ගූගල් සෙයුම් යන්ත්‍රයත් සමග මැත කාලයේදී හදුන්වාදුන් "රියල් ටයිම් සර්ච්" පහසුකම තාවකාලිනව අත්හිටවා ඇති බවට තොරතුරු පලවෙනවා. ගූගල් වෙතින් හදුන්වා දුන් ගූගල්+ සදහා වැඩිසහයක් ලබාගැනීම සදහා මෙම පියවර ගත් බවයි සටහන් වන්නේ. මේවන විට ගූගල් සර්ච් බාර් එකෙන් ඉවත් කර ඇති අතර අදාල වෙබ් පිටුවට පිවිසීමට උත්සාහා කිරීමේදී 404 පනිවිඩය ලබා දෙන බවයි සටහන් වන්නේ. 2009 වසරේ ඔක්තෝබර් වලසිට පසුගිය ජූලි 2 වෙනිදා දක්වා වූ ටුවිටර් ගිවිසුමද කල් ඉකුත්වීමත් සමග මෙම ක්‍රියා මාර්ගය ගත් බවයි සටහන් වන්නේ.
