Pages

2011-07-04

ෆේස්බුක් වලත් ස(ර්)කල් පහසුකම

ගූගල් පවසන්නේ ෆේස්බුක් වල සියලු සබදතා වලට සලකා ඇත්තේ එකලෙස බවයි. එය ප්‍රායෝගික ලෝකයට වඩ වෙනස් බවත්, තමන් හදුන්වාදී ඇති නව සමාජ අඩවිය තුල ඔබේ සබදතා අනූව තල කිහිපයකට මිතුරන් වෙන්කර ගැනීම තුල වඩාත් පහසු වනු ඇති බවත්ය. මෙයට ෆේස්බුක් ආයතනයේ සේවය කරන ඉන්ජිනේරුවන් තිදෙනෙකුගේ එකතුවෙන් අලුත් හදුන්වාදීමක් කර ඇති බවට කරුනු පලවෙනවා. ෆේස්බුක් ආයතනයේ නිල හදුන්වාදිමක් ලෙස මෙය නම් කර නැතැත් එය නමින් "ගූගල් හැක් ටූලය" ලෙස හදුන්වාදී තිබෙනවා.
  ඔබේ ෆේස්බුක් ගිනුම තුලට පිවිස සාමාන්‍ය අප්ලිකේශනයක් ලෙස මෙය අවදිකර ගත හැකිවන බව සටහන් වන අතර බොහෝ දුරට ගූගල්+ හි සර්කල් අත්දැකීමට සමාන අත්දැකීමක් ගෙන එනු ඇති බවයි පැවසෙන්නේ.