පරිගනක ක්‍රීඩා භාවිතාකරන්නන් ගැන පසුගියදාක ඇමරිකාවේදී කල සොයා බැලීමක ප්‍රතිපල මෙතෙක් කල් පැවති මත කිහිපයක් බිද දමන්නට සමත් වූවා. එම සටහන් වලට අනූව එරට වෙසෙන්නන්ගෙන් 72% වීඩියෝ ගේම් භාවිතා කරන අතර ඉන් 82% වැඩිහිටියන් බවයි සටහන් වන්නේ.එයිනුත් 42% කාන්තාවන් වීමත් සටහන්ව තිබුනා.මෙම පිරිසෙන්1/3 වයස 18 හෝ ඊට වැඩි අය ලෙසයි කියවෙන්නේ. සාමාන්‍ය වීඩියෝ ක්‍රීඩා භාවිතා කරන්නා 37 වයස් කාන්ඩයට අයිති ලෙසද මිලදී ගන්නා 41 වියැති වයස් කාන්ඩයට අයිති බවයි පැවසෙන්නේ.
68% දෙමාපියන් කියාසිට ඇත්තේ තම දරුවන් පරිගනක ක්‍රිඩාවල යෙදීම මානසික වර්ධනයට ධනත්මකව බලපන බවත් 57% පමන කියා ඇත්තේ පරිගනක ක්‍රිඩාවල යෙදීම පවුලේ එකමුතුබට ධනාත්මකව බලපාන බවයි.
