Pages

2011-06-24

අනන්තය තෙක් පෙනෙන විසල් කදු මුදුනතක සිට.....

ඔහු ජර්මානු ජාතික මහත්මයෙකු වූවාය. අප සමග එක් වී මාස දෙක තුනක් වන්නට ඇතැයි මම විස්වාස කරමි.නගරයට ගෝස් පැමිනියදාට පසු දින සැදෑ සමාලෝචන ‍රැස්වීමේදී එතුමා ලොකු ස්වාමීන් වහන්සේගෙන් පැනයක් විමසුවාය. "ඔහු මගේ හොදම මිතුරා  කුඩාකල සිටම. අප පාසැල් පමනක් නොව විශ්වවිද්‍යාල ජීවිතය පවා ගත කලේ එකටමයි. මම නගරයට ගිය වේලේ මට ඔහු වෙත දුරකතන ඇමතුමක් නොදී සිටින්නට නොහැකි උනා. ස්වාමීන්වහන්ස, මම මෙම ආශ්‍රමයේ විස්තර ඔහුට කීවිට ඔහුටත් මෙහි එන්නට අවශ්‍යබව කීවා. විස්තර සහිත  ලිපියක් ඔහුවෙත ඉක්මනින්ම එවන්නයැයි ඉල්ලීමක් කලා. මම ඔහුට යැවිය යුතු වැදගත්ම පනිවිඩය කුමක්දැයි කරුනාකර  මට පවසනවාද?. ලොකුස්වාමීන් වහන්සේ සුපුරුදු මද සිනාවත් සමගම මෙලෙසකීවා, මහත්මයා ඔහුට පවසා යවන්න  "ඔබ මෙහි පැමිනිය යුත්තේ ඔබව හමුවීමට කැමැත්ත ඇත්නම් මිසක වෙන කිසිවෙකු හමුවීම සදහා නොවිය යුතු බව."