Pages

2011-06-24

ඔබේ මිතුරන් ‍රැකියාව කරන ස්තානයන් පමනක් නොව ........

ඔවුන් පවසන්නේ මෙම වෙබ් අඩවිය ඔබේ ෆේස්බුක් පි‍ටුව සමග සහයෝගයෙන් ක්‍රියා කරමින් ඔබේ මිතුරන් ‍රැකියාව කරන ස්තානයන් පමනක් නොව ඔවුන්ගේ ‍රැකියා ස්තානවල පවත්නා පුරප්පාඩු ‍රැකියා අවස්තා ගැන ඔබ වෙත තොරතුරු ‍රැස්කර දෙන්නට සමත් වන බවයි. ඔබට ගැලපෙන්නේ යැයි හැගෙන ‍රැකියා අවස්තාගැන මිතුරන්ගෙන් වැඩිදුර තොරතුරු ‍රැස්කර ගන්නට මේ අනූව ඉඩ කඩ සැලසෙන බවයි ඔවුන් පවසන්නේ. සමාන්තරව මෙවැනි සේවා සපයන වෙබ් අඩවි වලට වඩා මෙහි ඇති විශේෂත්වයන් ලෙස ඔවුන් පවසන්නේ මෙම සේවය ලබා ගැනීමේදී ඔබේ ෆේස්බුක් පි‍ටුවතුල මෙම වෙබ් අඩවිය ගැන සටහනක් තබන්නට අවැසි නිවීමත්, ඔබ ‍රැකියාවක් ගැන විමසිලිමත් වන බවක් මිතුරන්ට දැන ගන්නට නොහැකිවීමත්, ප්‍රදේශීයව ලෙස පවා වෙන් වෙන්ව තොරතුරු සොයා බැලීමට හැකිවීමත්යැයි ඔවුන් වැඩිදුරටත් සටහන් කර තිබුනා.පහත ලිපිනය ඔස්සේ මෙම වෙබ් අඩවිය වෙත ඔබටත් පිවිසෙන්නට හැකි වනු ඇත.
http://www.inthedoor.com/