Pages

2011-06-21

නවතම ෆේස්බුක් ආරක්ශක මෘදු උපාංගයක්........

ෆේස්බූක් වචනය බොහෝ අයවලුන්ගේ මනසට ගෙන එන්නේ බොහෝ පරිස්සමින් ගැවසිය යුතු අනතුරු අධික සයිබර් ප්‍රදේශයක් ලෙසයි. සමහරුන් තම කාර්යාලයේ ආසන්නම මේසවල රාජකාරී කරන තුන් හතර දෙනෙකු හැරෙන්නට  කිසිවෙකු තම ෆේස්බුක් මිතුරන් නොකරගන්නට තීර්නය කර ඇත්තේ මේනිසාම විය හැකිය.කලින කලට මේ ගැටලුවට පිලිතුරු නිර්මානය නොවෙනවාම නොවේ.පසුගිය දිනවලදි කැලිෆෝනියානු සරසවියක සිසුන් පිරිසක් නවතම ෆේස්බුක් ආරක්ශක මෘදු උපාංගයක් හදුන්වා දෙන ලදී. ෆේස්බුක් "ඇප්ලිකේෂනයක්"  ලෙස සටහන් වන මෙම සේවාව නොමිලේ ලබා ගතහැකි සේවාවක් ලෙස හදුන්වාදී ඇත. පහත ලිපිනය ඔස්සේ පිවිස ඔබටත් මෙම සේවාව ලබා ගත හැකි වනු ඇත.
https://apps.facebook.com/mypagekeeper/