Microsoft පවසන්නේ ඇමරිකානූන් අතරින් අඩුම තරමින් දහයෙන් හතර දෙනෙකුවත් අඩුම තරමින් සතියකට වතාවක් හෝ සයිබර් අනවසර පිවිසීමක් ඔස්සේ තොරතුරු සොරාගන්නට උත්සාහයකට ගොදුරු වෙමින් සිටින බවකි. එම වාර්ථා පැහැදිලි කර සිටින්නේ Smartphone හා Mobile මට්ටමේ දත්ත උපාංහ භාවිතය වෙගයෙන් වැඩි උවද තවමත් මෙම ආන්තුරට විවර වෙන්නන් අතරින් බහුතරයක් Pcs වන බවකි. සක්‍යාත්මකව සැලකීමේදී එම ප්‍රමනය 42%ක ඉහල අගයක පවතින අතර SmartPhone සංක්‍යාව 18%ක පවතින බවකි. මෙම ගනනයට සහභාගී වූවන් සැලකීමේදී 2012 25% තම ආරක්ශාව සදහා විධිවිදාන යෝදා ගෙන සිටින බවට වාර්ථා වූ මුත් 2014දී කල විමසුමේදී හෙලි වන්නේ 73%ක් දක්වා ඒ පෙර සූදානම් සහිත බව ඉහල ගොස් ඇති බවකි. මෙම වාර්තාව සමග සමස්ථයක් ලෙසට Microsoft ආයතනය උපදෙස් දෙන්නේ e-mail සමග සංවෙධී මට්ටමේ තොරතුරු හුවමාරුවන් නොයෙදෙන ලෙසත් වඩාත් ශක්තිමත් අවසර පද භාවිතා කරන ලෙසත් හා ආරක්ශක මෘදුකාංග නිතරම සංක්‍රියව හා යාවත්කාලීනව තබා ගන්නට කටයුතු කරන ලෙසත්ය.
