Pages

2014-08-13

.... හැබැයි මම යෝජනා කරනවා තොරතුරු යුගය සමග පැමිනෙන දේශපාලනය වඩාත් සංකීර්නය කියන එක..

......සෑම දත්ත උපාංගයකටම නැතිනම් මෘදුකාංගයකටම ඉල්ලා සිටින භාවිතාවක් තියනවා. මම කියන්නේ අපේ සාමාන්‍ය ජීවිතයෙන් ගොඩාක් වෙනස් වුනු වෙනම සහභාගීත්වයක් කියන එක නොවේයි. නමුත්  විනයවත් නීති ගරුක භාවිතාකරන්නෙකු වගේ සරල එකගතාවල සිට ඒ ඒ උපාංග ගෙනෙන විශේෂතා වලට ගැලපෙන භාවිතාකරන්නෙකු ඉල්ල සිටීම සාමන්‍යයයි කියන එකයි. අපි හිතනවාට වඩා දේශපාලනයක් තොරතුරු ලෝකය තුල නොතිබෙනවාම නොවෙයි. මම කියන්නේ සම්මත දේශපාලන වචන ගොනු ඔස්සේ එන අදහසක් පිලිබදව නොවෙයි. සංකීර්නව සිදුවන දේශපාලනික බවින් මිදෙන්න තොරතුරු ලොකයටද බැරිවීම විමතියට කරුනකුත් නොවෙයි. ඒ දේශපාලනික බව ආර්ථික බව අපව පාලනය කරනවා කියන එක අමතක කරන්න බැරිතරම් දීර්ග කාලීනව අප වෙතට බලපාමින් තියෙනවා. හැබැයි තේරුම් ගන්න මම මෙතන අදහස් කරන්නේ ධනවාදය , සමාජවාදය වගේ සංකල්ප ගැන නොවෙයි. මම ඒවා යල්පැනපු අන්ත දෙකක්ය කියලා කියන්නේ නැහැ. හැබැයි මම යෝජනා කරනවා තොරතුරු යුගය සමග පැමිනෙන දේශපාලනය  වඩාත් සංකීර්නය කියන එක........